ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අපි කාගෙත් ගිණුම

අපි කාගෙත් ගිණුම

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - ඕමානය
2021-November

පන්සලට පල්ලියට එක විලකි මල් දැරුව
එම විලට දැල් දමා මාළු රංචුව මැරුව
කුසල අකුසල දෙකම එක විලේ නිරතුරුව
හරියටම අපි වගේ පවු සමඟ පිං කෙරුව

දස පනත පංච සිල් එකම හුස්මට කියන
දහම් පාසල් අසල තරඟයට බණ අහන
එහෙව් නුවණත් ඇතත් දැන දැනම පව් කරන
අපිත් ගිනි පන්දමකි දෙපස එකවර දැවෙන

මොන තරම් පින් කළත් සියළු වෙර වීරියෙන්
තවමනම් හොඳක් නෑ ලැබී දුන් දානයෙන්
එහෙත් අපි හෙට දවස ගැන හිතමු ප්‍රීතියෙන්
පිං ගිණුම තර කරමු දෙලොවටම ප්‍රේමයෙන්