ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අපට පුතේ මගක් ඇතේ

අපට පුතේ මගක් ඇතේ

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය
2022-May

අරගලය රට වටේ
කුස්සියට පැමිණ ඇත
ගෑස් ලිප නිදිමරයි
දින ගණන් ගැනමිණා
විදුලි පථ විසන්ධිය
ගණ අඳුර බෝවෙලා
ගර්හිතය මොටෝරිය
ඉන්ධනත් ඉවර වී
පොඩි වුන් කෑගසති
තනපුඩුව කිරිමරා
ගිලන් හල ගිලන් වී
ඖෂධත් හිඟවෙලා
නාන්නට වරම් නැත
සබන් මිල ඉහල ඇත
රට්ටු ඇත රටක් නැත
අපට පුත මගක් ඇත
රත්නපාල ගමගේ
ස්විට්සර්ලන්තය