ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අතීතයේ වැලන්ටයින්

අතීතයේ වැලන්ටයින්

සිසිල් මාන්නප්පෙරුම - Brampton - කැනඩාව
2022-March

පෙරදිනයක මා පෙම්කල යුවතිය
කවදාවත් අමතක කල නොහැකිය
ගිලිහී ගියහොත් ඇය ගැන මතකය
ඇය හට මා පෙර පෙම්කර නොමැතිය

ඇය දුටු මුල් දිනේ මට ඇතිවුන සතුට
තව වැඩිවුනා ලංවිය ඇගෙ හදවතට
ආලය කලෙමි සුන්දර පෙම්බස්වලට
වෙන්වුන දිනේ හදවත හැඬුවා දුකට

අහස් මාලිගා හැදුවත් තරුණ වියේ
කඩාවැටෙන බව නැත අප දැන සිටියේ
දෛවය වෙන්කලත් දෙදෙනා අතීතයේ
සුන්දර මතකයන් ගොනුවක් සිතෙහි තියේ

දශක ගණනකට පෙර මාගේ පෙම්වතිය
කොහේ සිටීදැයි නොදනී හරිහැටිය
දරුවන් ලැබී සතුටින් ඇගෙ ජීවිතය
ගෙනයනු දැකීමයි මා ගේ චින්තනය

පෙම්වතියක් සමග ගතකල ජීවිතය
විස්තර කල නොහැක එතරම් සුන්දරය
පෙම්කල සිතක නැත වෛරය රලුගතිය
පතනෙමි ඇයට සැප සම්පත් වැඩිවැඩිය

කිහිපදෙනෙක් පෙම්වතියන් සිටියාට
පෙම්කල සැවොම වටිනව පෙම්වතකු හට
අස්ථිර ලොවේ කිසිවක් නැත ස්ථිරට
තෝරා ගැනුම බාරයි නොවැ දෛවයට

පෙම්කල යුවතියන් පසුපස යන්න එපා
මගතොට දුටුවොතින් ඇය මග හරිනු එපා
සුන්දර මතකයන් අමතක වෙන්න එපා
කිසිම විටක නපුරක් නම් කරනු එපා