හැව ඇරීම.................
කොත් මිණි අග ලෙළ දෙද්දී ධජ පතාක
කෙළ ගණන් ධනය පෙන්වන්ට එල්ලූ
සුවඳවත් වූ වීදියේ
දැසි දසුන් පමණක්ම
නිරුවත් පයින් ගිය
තබා ගලවා සූ සැට ආභරණ
ඈ ගියා නිරුවත් දෙපයින්
උනා තබා කසී සළු
බලා සිටියා සී මැදුරු කවුළු විවර වු අඩක්
'විජ්ජුලතාවෝ' යනෙන දෙස
නොබලාම තම සිරුරු
යළි යළිත් කැඩපතින්
"මේ යුගළ පමණක්ම මට දෙන්න
මේ ධනය ඔබ ගන්න"
ලවන්පත් පීන පයෝධර සමග රඹකැන් දඟ යුග
වන්දනා කරමින්
අඳුරු රැය පුරා ලංසු තැබූ
ඒ වීථියේ සිටුවරුන්
නොවේ බැලුයේ ඈ දෙස
සිටියා උපාසක විලාසෙන්
මහා වැස්සක් උඩින් වැටුණා
හුල්ලන දෑසින් බලා සිටියදී ඒ නුවරුන්
සේදී ගියා
ඈ ලවන් මත
ඉලිප්පී ඇරියුම් කරන හස තුඬඟ
වසා රොද මත අතුල සුගන්ධිත වර්ණ මත
පෙරදාක සිටු වෙළෙඳ රජසේවා නෙක මහතුඟ
තැබූ හාදුවල රැඳුණු
සෝම පානීය මුදු සුවඳ
වීථියේ පිඬු සිඟා වැඩි
තෙල දසුන් හි බුදු බණ
තමන්ගේ කර නොකියන
හිමිනමක්
ඇය වෙතට පෑහ
අසල ගෙයකින් ඉල්ලා ගත්
රෙදිකඩක්
බලා සිටියා තවත් දවසක්
වඩිද්දී ඇය සැරසී කසාවතක්
වීථියේ අඟනුන් බැස උඩු මහළින්
බෙදද්දී දන් තරගෙට
බැලූහ ඇස් කොණින්
උන් දෙස සිය සැමියන්
29-05-2025.
කෙළ ගණන් ධනය පෙන්වන්ට එල්ලූ
සුවඳවත් වූ වීදියේ
දැසි දසුන් පමණක්ම
නිරුවත් පයින් ගිය
තබා ගලවා සූ සැට ආභරණ
ඈ ගියා නිරුවත් දෙපයින්
උනා තබා කසී සළු
බලා සිටියා සී මැදුරු කවුළු විවර වු අඩක්
'විජ්ජුලතාවෝ' යනෙන දෙස
නොබලාම තම සිරුරු
යළි යළිත් කැඩපතින්
"මේ යුගළ පමණක්ම මට දෙන්න
මේ ධනය ඔබ ගන්න"
ලවන්පත් පීන පයෝධර සමග රඹකැන් දඟ යුග
වන්දනා කරමින්
අඳුරු රැය පුරා ලංසු තැබූ
ඒ වීථියේ සිටුවරුන්
නොවේ බැලුයේ ඈ දෙස
සිටියා උපාසක විලාසෙන්
මහා වැස්සක් උඩින් වැටුණා
හුල්ලන දෑසින් බලා සිටියදී ඒ නුවරුන්
සේදී ගියා
ඈ ලවන් මත
ඉලිප්පී ඇරියුම් කරන හස තුඬඟ
වසා රොද මත අතුල සුගන්ධිත වර්ණ මත
පෙරදාක සිටු වෙළෙඳ රජසේවා නෙක මහතුඟ
තැබූ හාදුවල රැඳුණු
සෝම පානීය මුදු සුවඳ
වීථියේ පිඬු සිඟා වැඩි
තෙල දසුන් හි බුදු බණ
තමන්ගේ කර නොකියන
හිමිනමක්
ඇය වෙතට පෑහ
අසල ගෙයකින් ඉල්ලා ගත්
රෙදිකඩක්
බලා සිටියා තවත් දවසක්
වඩිද්දී ඇය සැරසී කසාවතක්
වීථියේ අඟනුන් බැස උඩු මහළින්
බෙදද්දී දන් තරගෙට
බැලූහ ඇස් කොණින්
උන් දෙස සිය සැමියන්
29-05-2025.