
සොහොයුරු ප්‍රේමය
උණුම උණු
ළපටිම ළපටි
රළුම රළු
මටසිළුටු … සොයුරු පෙම
දෙනෙත තෙත් වූ
ඉකි බිඳ හැඬූ
තරහින් වෙලූ
නොදොඩා දෙඩූ … සොයුරු පෙම
රළු පරළු වන්නම්
රැවුම් ගෙරවුම්
කෙළි කවට සරදම්
පළු පැලෙන බැණුම් කැන්දූ … සොයුරු පෙම
කර වට අත යොමා
නලලට නලල තබා
ඇස් මත ඇස් හොවා
දිගු දිව කරකවා … උසුලු පෑ සොයුරු පෙම
වයසින් මුහුකුරා
හද පතුල පීරා
හීනෙක නිදිකිරා
තෙපුලින් රැස් දරා … තුරුල් වෙන සොයුරු පෙම
09/07/21