
සිහින සිත්තමක්…!
ජීවිතේ තනි මංසලේ තනිවුන..
හිතේ කඳුලු බිඳු නිවා දමා..
ම’හිත් කොනේ නුඹ සැඟවුන අරුමය..
තවමත් මට සිහිනයක් වගේ…
සෙනෙහස ඉතිරෙන සොඳුරු සිහිනයේ..
හෙට දවසක් නැති හෝරාවේ..
ප්‍රේමය මනරම් සොඳුරු සිත්තමක්..
දෙහදක් එක්වන නිශාන්තයේ..
එක්වීමක් නැති අපේ කතාවේ..
වෙන්වීමක් පමණයි ඇත්තේ..
ප්‍රේමය රුදුරුයි අහිමි හිත්වලට..
හමූවීමක් නැති මතු දිනයේ..!