
සිරිත් මල්දම කාව්‍යයේ සිත්ගත් කවි
ගුරුන් දැක එන සඳ
තමන් උන් තැන නොම හිඳ
ගමන් පෙරටුව වැඳ
කරන සැලකිලි අසුන් කර පුද
ගුරුන් සිත නොරිදනු
කීකරු කමින් පවතිනු
එකට එක නොකියනු
සතුටු මුහුණක් නිතර පෙන්වනු
තරුණ සිතකින් වත්
කුලගොත් උඬගුවෙන් වත්
ඉසුරු බවකින් වත්
ගුරුන් නොතකා ඉඳුම නොහොබිත්