
සාදර ඇරයුමක් !
මගේ පෙම්වතී – ඔබ මගේ පෙම්වතී
ඔබ එදා පෙම්වතී ……..
අතර මග දමා ගියත්
තවමත් ඔබට සිත් ඇතී
මගේ පෙම්වතී – මගෙ එදා පෙම්වතී
මගේ සිතින් දුර නැතී ….
හැදෙ උණුසුමේ වියැළුණු
හාදු තව ඇතී …..
ඔබේ සෙනෙහසේ පොඟවා
ඔබට යලි දෙමී ….
අන්සතු මගේ පෙම්වතී
තවමත් ඔබට හිත ඇතී
හදවත තවම දොර ඇරී
සාදර ඇරයුමක් එහි ඇතී