සමනල සඳෙස -16
දත යුතු කරුණු ගොමුව - 13
සපරගමු වනපෙත
293. සමනල රජුනි නුඹ හෙළි කළ තතු ඔස්සේ
සමනල ගිර වටිනි දිය කදුළක් පිස්සේ
සමතල නොවූ ව ද දිය තැන - තැන බිස්සේ
සම කළ නොහැකි අයුරිනි කල - එළි බැස්සේ
294. මහවැලි - කැළණි - කළු - වළවේ නමින් සැදී
සිරිලක සතර අත විහිදුණි එ සිව් මැදී
විසිතුරු මවා පියකරු රුවැතියන් ඇදී
යන විට කෙළෙස ඉමි නොකියා මෙ කව් පැදී
295. ඒ සැම දේට මුල් වූ “තව පෙතක්” නැතී
ඒ පෙත නිරන්තරයෙන් “වන වෙසක්” පැතී
ඒ වන කෙමෙන් බියකරු “කළ තැනක්” ඇතී
ඒ තැන “සපරගමුවේ වනපෙතයි” රුතී
296. නන් රුසිරෙන් අලංකෘත මේ වන බැද්ද
වන් කිසිවකු බලන්නට නෙත මන බැන්ද
කන් බියකරු ව හිරිමල් ගත පන ඇද්ද
තන් පියකරු නොවෙයි මුගු ගොර දෙන මැද්ද
297. සමනල බිය නොවී ඒ වන පෙතට උඩින්
කලබල නොවී තැන-තැන ඇති රසය පැදින්
සුල-මුල ඇති ව තේරුම් ගෙන සිතට සොදින්
සිහිතල උසුල පවසන් දෑ දුටුව නෙතින්
සමනලයා දුටු වනස්පතිනිය
සපර වනපෙතෙහි සිරිසර 19
298. රළු කට හඩ ය එන්නේ මගෙ සවන් කරා
දිවි-මුව-ගෝන-ඌරන්- කැණහිලුන් පුරා
අතරින් - පතර විහඟුන් ගී ගයන නුරා
මුසුවෙයි මී සමග වනයෙහි අසිරි දරා
299. ඝන මුගු වනය ගිළ ගෙන ඇති තරම ඉබේ
කළ කී කතා බස් ඇසුණොත් පැවති සබේ
පෙන්වා සොදුරු බව ඇතුළත කුරිරු තිබේ
කාහළ නද නගයි මොළ නැති සතුන් ගැබේ
300. වටකර ශිඛර අහසට පැන පවුරු ලෙසේ
මලබොඩ-කීණ යුධ සේනා සෙබල විසේ
අහසින් ගගන සේනා විහගුන්ගෙ රැසේ
සපර වන පෙතට ඇත රැකවරණ එසේ
301. සිහිතල පෙර - පෙරා මීදුම් සලුව වැනේ
මිහිතල කුමරිගේ සැප විහරණය මැනේ
අතුවල කරද - මොර - මාදම් සුවද දැනේ
කිසි කල අඩු නැති ව වන දහනෙහි ම තැනේ
302. වන පෙත ගැබ් බරයි මල් පළතුරෙන් ද
ගිරි පෙත පොබ කරයි ගල් වැටි පෙළින් ද
තුරු ලිය අපමණයි නෙක හැඩ තලෙන් ද
දිය ඇලි හදවතයි දිවි පණ නලෙන් ද
303. බටිති - මලිති - සැව්ලන් -වලි-කුරුලු ගිරා
අසිරිමතින් ගී ගයමින් සිටිති සරා
මොණර රනින් විහිදයි පිල් සිතට නුරා
එ දුටු නොමැති නෙත් කුමට ද කියනු යුරා
304. ගලින්-ගලට පැන යන්නට සිත ඉදුරා
එල්ලී බඹර වැල් පදිනට ගුවන අරා
දුහුල් කුළුවලට ඉහළින් සිසිල පෙරා
අසිරි ගෙනෙයි දෙවිඳුන් දෙවි වරම් දරා
305. නාඹර තරුණියක උඩබලියන් වාගේ
නොපෙනෙ ද ශිඛර ලැම රණහංසියො රාගේ
මා එළි - වල්හපුව - හපුතල සිව් බාගේ
රිකිලිය - රාසගල - දෙනගම කදු කාගේ
306. මේ වන දහන තුළ උහුලනු බැරි සිතල
නෙත් මානෙන් එහා සිරි පා කන්ද මුල
දුටු - දුටුවන් මවිත වනු මිස නොමැත පල
දෙඩුමෙන් කිසි දෙයක් අන් වන පෙත පතල
දත යුතු කරුණු ගොමුව - 14
කල්තොට
307. සපර වන පෙත සැරිසැරූ නුඹ
සලිත වී සිහිතලට නිරතුරු
සසල ගහ-කොළ-වැල නුදුන්නෙ ද
වනය තුළ ඇති දසුන් නෙත් හුරු
සතුන් -සිවු පා ගහණ වන මැද
ජවය කළහය හැඩ ද බියකරු
සකල විධ දෑ එ තැන වේ මැයි
නුහුරු එක් ලෝකයකි පියකරු
308. ඉදින් සමනල එ වන පෙත හැර
පියා සලමින් තවත් පහළට
මැදින් හිඳ පිළිවෙතෙහි පිහිටා
ගමන් අරඹා යන්න කල්තොට
නදින් වන විහගුන්-ඇතුන්-අලි
ගෝණ-මුව-මී නිදන බිම්තොට
පැදින් වනණට එහි ද මිහිරස
නුඹට ඇරැයුම් කරමි කවිකොට
309. සපර වන පෙත වැනි ම තව පෙත්
කල්තොටදි දැකගෙන ම සමනල
සසර කෙටි කළ මුනිදු වැදගෙන
එන්ට පිළිවනි ගියොත් බුදුගල
කතර පිරිපුන් කෙත් බිමක් කළ
ගැමි දනන් “ගැමිකමින්” බිහිකළ
අතර ඇති පරතරය ඒ මැයි
අන් දනන් ගැමි පරදවන බල
310. කිවිද සමනල නුඹගෙ කවිකම
තවත් ගරුකොට ගති මගේ සිත
පබැද සිතිවිලි සිතට වන් දැක
දසුන් මනරම් පොබ කරන නෙත
සසද බලමින තුරු - ලතාදිය
ගලන දිය මං දෙන සිසිල ගත
සුවඳ විද හැම මලක විසිතුරු
ගොතනු ගළපා කල්තොටෙහි වත
(මතු සම්බන්ධයි.)
2024.09.01
සපරගමු වනපෙත
293. සමනල රජුනි නුඹ හෙළි කළ තතු ඔස්සේ
සමනල ගිර වටිනි දිය කදුළක් පිස්සේ
සමතල නොවූ ව ද දිය තැන - තැන බිස්සේ
සම කළ නොහැකි අයුරිනි කල - එළි බැස්සේ
294. මහවැලි - කැළණි - කළු - වළවේ නමින් සැදී
සිරිලක සතර අත විහිදුණි එ සිව් මැදී
විසිතුරු මවා පියකරු රුවැතියන් ඇදී
යන විට කෙළෙස ඉමි නොකියා මෙ කව් පැදී
295. ඒ සැම දේට මුල් වූ “තව පෙතක්” නැතී
ඒ පෙත නිරන්තරයෙන් “වන වෙසක්” පැතී
ඒ වන කෙමෙන් බියකරු “කළ තැනක්” ඇතී
ඒ තැන “සපරගමුවේ වනපෙතයි” රුතී
296. නන් රුසිරෙන් අලංකෘත මේ වන බැද්ද
වන් කිසිවකු බලන්නට නෙත මන බැන්ද
කන් බියකරු ව හිරිමල් ගත පන ඇද්ද
තන් පියකරු නොවෙයි මුගු ගොර දෙන මැද්ද
297. සමනල බිය නොවී ඒ වන පෙතට උඩින්
කලබල නොවී තැන-තැන ඇති රසය පැදින්
සුල-මුල ඇති ව තේරුම් ගෙන සිතට සොදින්
සිහිතල උසුල පවසන් දෑ දුටුව නෙතින්
සමනලයා දුටු වනස්පතිනිය
සපර වනපෙතෙහි සිරිසර 19
298. රළු කට හඩ ය එන්නේ මගෙ සවන් කරා
දිවි-මුව-ගෝන-ඌරන්- කැණහිලුන් පුරා
අතරින් - පතර විහඟුන් ගී ගයන නුරා
මුසුවෙයි මී සමග වනයෙහි අසිරි දරා
299. ඝන මුගු වනය ගිළ ගෙන ඇති තරම ඉබේ
කළ කී කතා බස් ඇසුණොත් පැවති සබේ
පෙන්වා සොදුරු බව ඇතුළත කුරිරු තිබේ
කාහළ නද නගයි මොළ නැති සතුන් ගැබේ
300. වටකර ශිඛර අහසට පැන පවුරු ලෙසේ
මලබොඩ-කීණ යුධ සේනා සෙබල විසේ
අහසින් ගගන සේනා විහගුන්ගෙ රැසේ
සපර වන පෙතට ඇත රැකවරණ එසේ
301. සිහිතල පෙර - පෙරා මීදුම් සලුව වැනේ
මිහිතල කුමරිගේ සැප විහරණය මැනේ
අතුවල කරද - මොර - මාදම් සුවද දැනේ
කිසි කල අඩු නැති ව වන දහනෙහි ම තැනේ
302. වන පෙත ගැබ් බරයි මල් පළතුරෙන් ද
ගිරි පෙත පොබ කරයි ගල් වැටි පෙළින් ද
තුරු ලිය අපමණයි නෙක හැඩ තලෙන් ද
දිය ඇලි හදවතයි දිවි පණ නලෙන් ද
303. බටිති - මලිති - සැව්ලන් -වලි-කුරුලු ගිරා
අසිරිමතින් ගී ගයමින් සිටිති සරා
මොණර රනින් විහිදයි පිල් සිතට නුරා
එ දුටු නොමැති නෙත් කුමට ද කියනු යුරා
304. ගලින්-ගලට පැන යන්නට සිත ඉදුරා
එල්ලී බඹර වැල් පදිනට ගුවන අරා
දුහුල් කුළුවලට ඉහළින් සිසිල පෙරා
අසිරි ගෙනෙයි දෙවිඳුන් දෙවි වරම් දරා
305. නාඹර තරුණියක උඩබලියන් වාගේ
නොපෙනෙ ද ශිඛර ලැම රණහංසියො රාගේ
මා එළි - වල්හපුව - හපුතල සිව් බාගේ
රිකිලිය - රාසගල - දෙනගම කදු කාගේ
306. මේ වන දහන තුළ උහුලනු බැරි සිතල
නෙත් මානෙන් එහා සිරි පා කන්ද මුල
දුටු - දුටුවන් මවිත වනු මිස නොමැත පල
දෙඩුමෙන් කිසි දෙයක් අන් වන පෙත පතල
දත යුතු කරුණු ගොමුව - 14
කල්තොට
307. සපර වන පෙත සැරිසැරූ නුඹ
සලිත වී සිහිතලට නිරතුරු
සසල ගහ-කොළ-වැල නුදුන්නෙ ද
වනය තුළ ඇති දසුන් නෙත් හුරු
සතුන් -සිවු පා ගහණ වන මැද
ජවය කළහය හැඩ ද බියකරු
සකල විධ දෑ එ තැන වේ මැයි
නුහුරු එක් ලෝකයකි පියකරු
308. ඉදින් සමනල එ වන පෙත හැර
පියා සලමින් තවත් පහළට
මැදින් හිඳ පිළිවෙතෙහි පිහිටා
ගමන් අරඹා යන්න කල්තොට
නදින් වන විහගුන්-ඇතුන්-අලි
ගෝණ-මුව-මී නිදන බිම්තොට
පැදින් වනණට එහි ද මිහිරස
නුඹට ඇරැයුම් කරමි කවිකොට
309. සපර වන පෙත වැනි ම තව පෙත්
කල්තොටදි දැකගෙන ම සමනල
සසර කෙටි කළ මුනිදු වැදගෙන
එන්ට පිළිවනි ගියොත් බුදුගල
කතර පිරිපුන් කෙත් බිමක් කළ
ගැමි දනන් “ගැමිකමින්” බිහිකළ
අතර ඇති පරතරය ඒ මැයි
අන් දනන් ගැමි පරදවන බල
310. කිවිද සමනල නුඹගෙ කවිකම
තවත් ගරුකොට ගති මගේ සිත
පබැද සිතිවිලි සිතට වන් දැක
දසුන් මනරම් පොබ කරන නෙත
සසද බලමින තුරු - ලතාදිය
ගලන දිය මං දෙන සිසිල ගත
සුවඳ විද හැම මලක විසිතුරු
ගොතනු ගළපා කල්තොටෙහි වත
(මතු සම්බන්ධයි.)
2024.09.01