ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සමච්චලය

සමච්චලය

තිලකරත්න කුරුවිට බණ්ඩාර
2021-March

මවුබිමේ අගය කියාදී
අතීත ශ්‍රී විභූතිය පෙන්නා
කටපාඩම් කරවා
ටිබැට් මිහිඳු හිමිගේ කවි
ඇති දැඩි කළා පුතු
උගත මනා සිප් සයුර
එතෙර කර ……….

සහතික රැගෙන
ගියා එක එකා පස්සේ
පත්වීමක් පතාගෙන ?

එහෙත් ඔහු තබාගන්නට මෙබිම
කුණු දේශපාලනය ඉඩ නොදුනි.

ගියා පුතු මගේ අදහස් නොතකා එතෙර

ඔස්ට්‍රේලියාවේ ලබා පුරවැසිකම
පෙළවහට ගෙන සුදු කතක්
දරු පැටියෙකු ද ලබා
හිත රිදුම් නැතිව
මනස පිවිතුරුව
සුදුසුකමට ගැලපෙන
රැකියාවක් ද කරගෙන
වෙසෙහි එහි

මා කීව මවුබිමේ මහිමය
හිනාවට කරුණක්ය දැන් ඔහුට
මගේ හිත තැලේ යැයි නොකීව ද
මා කෙරේ සමච්චල් හිතක් ඇති!