
යාත්‍රාව හා තීර්ථය
ග්‍රීස්මය සුළං රැළි වලට පෙරලීම ය
සාන්ද්‍රික නැව් බඳක් දුක ම ඉහිළීම ය
ශීර්ෂයෙ ගමන් මග සමපාත වීම ය
තීර්ථය යනු සොඳුරු නැවියකු ගෙ ප්‍රේමය
ප්‍රදීපාගාර බිම තැනිතලා පාරකි
ඒ අසල වැටී ඇති කුඩා එක් ඉවුරකි
කෑලි කැපෙනා අඳුර නසන සුව බෙහෙතකි
තීර්ථය කළුවරට රන් තැඹිලි යායකි
නිද්‍රාවෙ තෙල් පහන බුර බුරා තව නැගෙයි
තෘණ පතක පිනි බිඳුව රිව් කිරණ තෙක් රැඳෙයි
නැව් ගතක චක්‍රයම මොහොතකින් නතර වෙයි
තීර්ථය සදාකල් ප්‍රදීපය හා දිලෙයි