
මිලින සිත්මල්
ශීතලේ සළුව යට – කිති කවනු කිමද නුඹ
සඳත් නැත කොඳුරන්න – රැයේ නිදනු ද කෙලෙස
මල්වර වු එසඳ විත් – කවි ගීත මැව්වාට
දිගු ගඟක පදිමි ඔරු – බිඳුනු හබලෙන් දුබල
මහ මූදෙ ඝෝර හඬ – දුරින් ඇසෙනා විටෙක
හබල ඔරවයි බලන් – නුඹේ නෙත් වැසෙන’යුරු
ජේසු සමිඳුන් කුරුසෙ – ඇන සමග සිරවෙද්දි
නුඹ කිමද අනාථවු – ඇට සැකිලි මවන්නේ
ඈත දුර පැල් පතින් – නැගි සුසුම් රාවයෙන්
නැවත පැදවෙන හබල – ඇදෙනවා එගොඩටම
එසැණ ඈතින් හමයි – දුකින් නැගෙනා සුවඳ
කැඩුනු හබලෙන් පදිමි – පිපි එමල සිඹින්නට