මාතර යුගයේ කිවිමිණ නෝන ගජමන්
( පළමු කොටස)
රූණ මාතර යුගය පිළිබඳ
කරන කතිකා වලදි පෙරමුණ
පාන දස්කම් කවි කිවිඳියන්
අතර වැජඹුණ ලෙසට කවි මිණ
ගේන සොඳුරුම සොඳුරු පද වැල්
සොලොස් වන සිට වසෙහි පෙරමුණ
දෝන ඉසබෙල් කොරණේලියා
පෙරුමාල්ගේ උපත සිදුවින
මිලාගිරියේ පල්ලියේදී
තබා අකුරට පළමු.අත් පොත
නෙලා ගති කවි සතරෙ මල් පල
ඥාති යෙකුගේ දැනුමෙ මුල්වත
පලාගෙන ආ වලාවෙන් මිදි
එළිය විහිදුන අයුරු සඳවත
කලා ලොවතුල කලේ දස්කම්
කැපවෙමින් වී රුහුණෙ සිරිකත
පවර පණ්ඩිත කාව්‍ය භූෂණ
සමිඳු ධම්මාරාම කොරතොට
එවර ගුරුකොට ඇය උගත්තේ
බරස දුෂ්කර පබඳ හුරුවට
නිවරදව හැමවිටම.යොදමින්
ලිහිල් වූ කවි බසම.තරකොට
කවර.ලෙසකින් වනා නිමකල
හැකිද යෙදුමන් කරන වරකට
බාල වියෙදිම.පබැඳි කවියකි
දෙනිපිටියෙ නුගරුකෙහි වරුණා
කාලයක කවි කුසලතාවන්
අනගි පබැඳුම වෙතට හැරුණා
ජාල දුෂ්කර චතුරශ්‍ර සහ
ෂඩස් බන්ධන වලින් පිරුනා
මාල කවියට ඇගෙන් දැඩිතර
ශෝක මාලය එකතු කෙරුණා
නැතක් රති කවි පැවති යුගයක
වෙනස් කරමින් විවිධ අරමුණු
සිතක් හැමවිට සෙනෙහෙ බැන්ද
චරිත වරුණා කරපු පෙරමුණු
සතක් කවි බැඳ එකම කවිය ක
අකුරු වැල එකිනෙකට කර ගොණු
වතක් මුදළිඳු අමරසේකර
පිළිබඳව වැනුමකින් සැරසුනු
සහබන්දු නම් මුදලි තැන සහ
ජොන් ඩොයිලි මාතර දිසාපති
සහන පතමින් ලියූ ලිපි වෙත
නින්දගම් තෑගි ත් ලබා ඇති
ගහන වූරති රසින් කවි කල
විවිධ පුඟුලන්වෙතින්කවි රති
පහර දී කවි බසින් පළවා
හැරියෙ යලි සරදමෙන් සිත රුති
දෙවන කොටස ඉදිරියට
රූණ මාතර යුගය පිළිබඳ
කරන කතිකා වලදි පෙරමුණ
පාන දස්කම් කවි කිවිඳියන්
අතර වැජඹුණ ලෙසට කවි මිණ
ගේන සොඳුරුම සොඳුරු පද වැල්
සොලොස් වන සිට වසෙහි පෙරමුණ
දෝන ඉසබෙල් කොරණේලියා
පෙරුමාල්ගේ උපත සිදුවින
මිලාගිරියේ පල්ලියේදී
තබා අකුරට පළමු.අත් පොත
නෙලා ගති කවි සතරෙ මල් පල
ඥාති යෙකුගේ දැනුමෙ මුල්වත
පලාගෙන ආ වලාවෙන් මිදි
එළිය විහිදුන අයුරු සඳවත
කලා ලොවතුල කලේ දස්කම්
කැපවෙමින් වී රුහුණෙ සිරිකත
පවර පණ්ඩිත කාව්‍ය භූෂණ
සමිඳු ධම්මාරාම කොරතොට
එවර ගුරුකොට ඇය උගත්තේ
බරස දුෂ්කර පබඳ හුරුවට
නිවරදව හැමවිටම.යොදමින්
ලිහිල් වූ කවි බසම.තරකොට
කවර.ලෙසකින් වනා නිමකල
හැකිද යෙදුමන් කරන වරකට
බාල වියෙදිම.පබැඳි කවියකි
දෙනිපිටියෙ නුගරුකෙහි වරුණා
කාලයක කවි කුසලතාවන්
අනගි පබැඳුම වෙතට හැරුණා
ජාල දුෂ්කර චතුරශ්‍ර සහ
ෂඩස් බන්ධන වලින් පිරුනා
මාල කවියට ඇගෙන් දැඩිතර
ශෝක මාලය එකතු කෙරුණා
නැතක් රති කවි පැවති යුගයක
වෙනස් කරමින් විවිධ අරමුණු
සිතක් හැමවිට සෙනෙහෙ බැන්ද
චරිත වරුණා කරපු පෙරමුණු
සතක් කවි බැඳ එකම කවිය ක
අකුරු වැල එකිනෙකට කර ගොණු
වතක් මුදළිඳු අමරසේකර
පිළිබඳව වැනුමකින් සැරසුනු
සහබන්දු නම් මුදලි තැන සහ
ජොන් ඩොයිලි මාතර දිසාපති
සහන පතමින් ලියූ ලිපි වෙත
නින්දගම් තෑගි ත් ලබා ඇති
ගහන වූරති රසින් කවි කල
විවිධ පුඟුලන්වෙතින්කවි රති
පහර දී කවි බසින් පළවා
හැරියෙ යලි සරදමෙන් සිත රුති
දෙවන කොටස ඉදිරියට