නදී ශානිකා මහනුවර

2025 මැයි කලාපය

බි⁣ඳෙන රළ අතර නුඹ නොබිඳී තුටින......

විත් නව අවුරුද්ද පෙර සේ අවසන් වී
සිත් තුටටත් වඩා දුක ඇස
මතුයේ වී
දිස් වන සයුර මෙන් සෙනෙහස
පවුරක් වී
රොස් නැත තවම ඉඳි ඔබ හදතුල පෙම්වත් වී

ඇසෙන නෙක හ⁣ඬෙහි ඔබ තෙපලූ වදන
දකින හැම තැනක දසුනක
ඉඳ එබෙන
හෙලන සුසුම් මත ආතුර වී
හිඳින
බි⁣ඳෙන රළ අතර නුඹ නොබිඳී
තුටින

කලක් ගත වුනත් නොපෙනී
නුඹ නෙතට
හුඟක් පැතුම් ඇත ගොනු වී ඔබෙ නමට
දිනක් ඇවිත් යන්නට හැකිනමි
මෙහෙට
මමත් ඉමි දෙනෙත් දල්වා පෙර
මඟට

මනෝරම්‍ය වූ ජීවිත උයන් කොනේ
නොයෙක කුසුම් නොම දන්වාමය
පිපුනේ
ගිම්හානයම වියලා සුණු විසුණු
වුනේ
සන්තානයම තවම ඔබවෙත බැඳුනු සෙනේ
View Poem