
ප්‍රේමය
ඔබ කෙසඟ රාජිණී ….
වර්ණ කේශිනී…. තුරඟ දේහිනී ….
ම හද ලාලිනී ….
මා සිත ළඟ ප්‍රේම බන්ධිනී ….
ඔබ භද්‍ර යෞවනී ….
කුරු කේශීනී ….ප්‍රේම රාජිනී …
ම හද ජීවනී ….
මා සිත ළඟ ප්‍රේම බන්ධිනී ….
ඔබ සිනිඳු දේහිනී….
සිවිය කාචිනී …. නේත්‍ර වර්ණනී ….
මහද නාලිනී ….
මා සිත ළඟ ප්‍රේම බන්ධිනී ….
ඔබ නිසරු චින්තනී ….
ක්ෂණික තීරණී…කිපෙන මෝහිනී….
මහද නර්තනී ….
මා සිත ළඟ ප්‍රේම බන්ධිනී ….
ඔබ තිසර හංසනී ….
රාග දේහිනී …. කොමල භාෂිණී ….
මහද මාලිනී ….
මා සිත ළඟ ප්‍රේම බන්ධිනී ….
ඔබ නේත්‍ර අංජලී ….
දෙබැම ගලවනී ….
කෝළ නයනනී ….
මා සිත ළඟ අන්ද මන්දිනී …