
නිල නොලත් අභිසාරිකාවෝ….
දිවිපුරාවට ම පටලවාගෙන
නන්නත්තාර වූ ඕ තොමෝ
සතයටම වැටී
උද්ධමනය වූ කල්හි
මහත්(හො)රුන්ගේ කාසි දැක
අගපුරෝහිත මෙන්
පඬිවදන් තෙපලා
බොහෝ ඇසූපිරූ සේ
ලාටු දැමූ ඔවදන්ද දී,
උන්මාද හසරැල් නගා
එකත්පස්වැ
පසුම්බියට බටහ …………….
01/10/21