
කෙටි කවි
තනිඅතට යන වීදීයේ
මට පිටු පෑ
ඈ
මා ඉදිරියටම
අම්මා ගැන මතකය
මීදුමක්
චිතකය දැවෙන දහවල
කටුක ශීතල උදෑසන
අපටනම් පොරවගන්න
හිමකබා
ඒත් මේ කුරුලු පැටවුන්ට
සෑහෙනවද පියාපත්
වැහි ලකුණක්වත් නැති මොහොතක
මන්දාරම් අඳුරේ
වැහි ලිහිණියෙක්
පර මල් පාග පාගා
හැමෝම එහේ මෙහේ යන අතර
උයනේ කෙළවර බංකුවක
වාඩිවී සිටී
මහළු මිනිසෙක්