
ඕජස්
අහා!
ගෙල ලූ මල්දම
සිරවී
හුස්ම හිරවී
නහරවැල් උලුප්පා යන අපූරුව
සුන්දරයි මේ බලන්න….
වෙව්ලා පරලවෙමින්
පන යන්න දඟලන ශරීර කූඩුව
දුටුවාද?
සෙමින් පන පිටින් වැගිරෙන
ගඳගහන ඕජස් වූ බැඳීම් ගංඟාව
එන්න,
අපි අනාගෙන කමු ආයෙම…
බෑ….
දැන් හදන්නෙ එකතුවෙලා ඒකිගේ සොහොන් කොත
මොකක්ද අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ?
ඒකි හරි ආතල් ගෑනියෙක්
උඹ ඒ ගෑනිව කෑවා….