ඔබ දකිනු රිසි (මගේ ගම)
රකින ගොලුවත නකල්ස් කොමළිය
රහස් සඟවා ගිරි සිඛර යට
මතක පුබුදා වන වදුලු මත
ගෙවු යුගයක පැතුම් විසිරෙයි
ගලා බසිනා කදුරු ගිරි හිස.
ඉරා මිහිදුම් සුමුදු සලුපට
පළදා ඉදි සැව් දිදුල ගෙල වට
සිත් වසඟ කළ තුරුණු ඔබ රුව
දෙසත් තෑ වසරක් වු මා නෙත්
එදා වාගෙම අදත් දුටුවෙමි.
සිසිල් ඇළ දොළ වටවු කෙත් වතු
සොයුරු මිතුදම් බැදුණු කෙළි බිම්
අකුරු කළ ඒ සොඳුරු සිප්හල
සොබා දම් මැව් අමිල දිනිතිය
සමු ගනිමි ඔබ දකිනු රිසි යලි
රහස් සඟවා ගිරි සිඛර යට
මතක පුබුදා වන වදුලු මත
ගෙවු යුගයක පැතුම් විසිරෙයි
ගලා බසිනා කදුරු ගිරි හිස.
ඉරා මිහිදුම් සුමුදු සලුපට
පළදා ඉදි සැව් දිදුල ගෙල වට
සිත් වසඟ කළ තුරුණු ඔබ රුව
දෙසත් තෑ වසරක් වු මා නෙත්
එදා වාගෙම අදත් දුටුවෙමි.
සිසිල් ඇළ දොළ වටවු කෙත් වතු
සොයුරු මිතුදම් බැදුණු කෙළි බිම්
අකුරු කළ ඒ සොඳුරු සිප්හල
සොබා දම් මැව් අමිල දිනිතිය
සමු ගනිමි ඔබ දකිනු රිසි යලි