
ආරාධනා!
අඩක් කුඹුකොට නිමල දෑසින්
හිස නොසොල්වා වැදී දැහැනක
බවුන් වඩනෙ ද පෙරුම්පිරුමට
සාර අසංගික කල්ප ගණනක්…
අනේ බුදුහිමි සානුකම්පිත
කුරාකුහුඹුවෙකුටත් පිතු සිත
පුබුදුවා ඔබෙ දයා යුග නෙත
දකිනු මැන යළි ලොවේ සත් වත…
කෙළෙහි ගුණ-දම් කුමට කියමි ද
මිනිස් ගුණ-දම් බැමි ලිහී අද
මග-තොටක,ගම-නගරයක වෙ ද
කොහේ වුව අමිනිස්කමයි රද…
දූ-පුතුන් දුරු දිගුව ගමනක
මා-පියන් උන් පසුපසින් නැත
අයාලේ යන දිවි හබල නැති
ඔරුව වාගෙයි දිය පහර මැද…
පසක් කරවනු දිවි හරයෙ හැඩ
සිතක වෙ ද තරමට සැකයි වැඩ
මංමුළා වී ඇතැයි දිවි අද – කඩ
තුරාවෙන් වසාගෙන ඉඩ…
පියා-දියණිය නොහදුනන්නේ
මව-පුතුගෙ කරදර වසන්නේ
අසල්වැසි ප්‍රේමය පතන්නේ
පියා-මව අන් සැප සොයන්නේ…
අහෝ! කෝ කොහි සිල්ප-පද-පහ
මහෝගය වෙ ද අරි-අටග-මග
ඔබ බුදුන් පුත් දෙසති බුදුබණ
අසන කිසිවකු ඇති ද මිහිපිට…
වෙසග එළැඹෙන වෙසක් මාසේ
වෙසක් මල් සුපිපී මියෙන්නේ
සමාධිය හැර යළිත් බුදු වනු
මැනවි හිමියනි උතුම් මෙදිනේ!!!
***