ඉෂංකා මිහිරි කුමාරතුංග

2025 ජුනි කලාපය

ආයෙ සඳක්....

දිලෙනා සදවත ඈත අබරේ තව
වතාවක්
කියා දෙන අරුමය නම් අනියත
භාවනාවක්
නිසසල සද නැගී අඳුරේ පොපියන
සිනාවක්
නොකියන කතාවක අමාවක අඳුරු
රටාවක්

සිලි සිලිය ඇහෙනා බෝ මලුවේ සක්මන
රටාවක්
මුනු මුනුව නැගෙනා සුතුරක ජීවිතයද
ඉනාවක්
සිත රැදිය සැපම පමණය එහිම දුක වේ
නියාවක්
සැනසෙනා බුදු පාමුල රැදේමය නිවනට
කතාවක්

උත්තම බුදු දහම ලැබූ බව සත්තයි
මිස්සක පව්වේදී
වත්කම එය පමණය මිස දිටුවන ලඟ
අප සැනසීමේදී
අත්දෙක තබා නලලත සිහිකරනා විටක
බුදු වදනේදී
තුන්‍ යම සරනම රැදේවා මිදී සිත අකුසල
නිවිමේදී
View Poem