
අස්වනු නෙලන රාත්රිය!!!!!
අදලු ඒ දවස……
අස්වනු නෙලන රාත්රිය
ඉතිං අත් පටලගෙන
සැරසෙමු වෙන්වෙන්න
ඒ සුන්දර රාත්රියේ…….
තව ටික දවසකින්
මේ හැම තැනක්ම හිස්
හිරැ ආදරයෙන් සිප වැළද ගත්
මේ රන්වන් කරල්
අටු කොටු වල හිරවෙනු ඇති.
එතෙක් එන්න……
අපි තුරැළුවෙලා
සිප වැළද ගමු
රහස් මුමුනමු
අදලු ඒ අස්වනු නෙලන රාත්රිය!!!!!