
අවසන් විග්රහය
හිනැහුනු මතක තිබුනත් දේදුනු පාට
හඞනට තියෙන සමුදුර පවසමි කාට
සුහදන් වෙන්ව හිස්ලොව තනිවූ දාට
හිරු නොදකී සඳ මත සැදි ආවාට
අරුතක් සොයා සැරිසැරුවත් කල් බෝම
දිවියේ අද්දරට ආවේ නොදැනීම
ඉසුරු සොයා නොනිවුන සිත පෑරීම
තවෙකකු හස දැකුම විය එක සැනසීම
හැමදා නියං පින්නෙන් නෑ දුරුවෙන්නේ
විඳිනා කලට මී රස නෑ සිහිවෙන්නේ
නටනා විටයි දිය නුවනැස පෑදෙන්නේ
කල හොඳ පමනි මතුදා මලගම් එන්නේ