අයුක්තියට එරෙහි වූ වරදට මරා දැමූ .....
අයුක්තියට එරෙහි වූ වරදට මරා දැමූ තවත් එක මිනිසෙක්ගේ කථාවක් ...
නිදාන කථාව
(ඒ 1988 දෙසැම්බර් 12 ඉරිදා.මට අවුරුදූ දොළහයි. තාත්තා පත්තරේ බලනවා.මාත් ඇගේ දැවටී දැවටී හිටියා. එක පාරට වාහනයක් ආවා. තාත්තාගේ ඇස් බැන්දා. කුදලාගෙන ගියා.අම්මයි මායි ලතෝනි දිදී පොලිසියට ගියා.අපව බැනලා එලවා ගත්තා.පහුවෙනිදා උදේ මම තාත්තගේ බයිසිකල් එකත් අරං තාත්තා හෙව්වා.තාත්තා ගොන්නෝරුව හංදියේ දී හමූ උනා.ලයිට් කණුවක් යට ඇස් දෙක එළියට ඇදලා, ඒ ඇස්වලින් මා දිහා බැලුවා.මගේ වීරයා උදුරගත් දුකටද,කේන්තියට ද දන්නේ නෑ
පුංචි කමට මේක ලියවුණා.සිංදුවක් උනත් මම එක කාටවත් දුන්නේ නෑ .
තාත්තා විදි අනේක විධ දුක්ක දෝමනස්සයන්හි කූටප්‍රාප්තිය සිදුවන මේ මොහොතේ හංගාගෙන හිටි ඒ වචන පෙල එලියට දානවා.
දැන් ඔබට නිවන් දකින්නට අවසරයි තාත්තේ - 22.09.2024......)
"සීතල පිණි මත තැවරුණු නුඹ රුව
ලා හිරු කිරණින්
මැවී මැවී...
පාරයි මතකය
බුදුන්ට දුන් දුක
කදුලක් වැටුනොත්
හිතට මදී.....
තුන්තිස් පැයෙහිම
නොනිදන නුඹ නෙත
පාරා දුරා උඹට නොදී...
නොදැක උදෑසන
පහන් කණුව මුල
නිවන් දැක්කදෝ
අප්පච්චි...,..
බිදෙන් බිදක් එක්වූ
මහ සයුරක්
පතමින් දහඩිය ගගක් හෙලා..,.
නුඹට වඩා වින්කලයට පෙම් බැදි
දඩුමොනරය මත දවස පුරා...
සිතට නොදැනෙනා
ගතෙහි විඩා ලග
දරු සෙනෙහස
අම්බලම උනා....
මට විතරක් අප්පච්චි
උනානම් අදත් නිදමි
මම තුරුල් වෙලා..
බවුන් වඩන්නට පිං මදි අම්මා පවන් සලයි නුඹගේ සුවදින්....
ආත්ම ගණනක හීන ගෙනෙන්නට අපේම ලග ඇති දුර නොගිහින්...
නැවූම් පසක හිනැහෙන රන් ලා දළු නුඹට හොරෙන් පූදින්න කලින්.,..
මලක් වෙලා පිපියන්
අප්පච්චී......,.
බුදු වෙන්නට බැරිනම්..