
අපි එකතු වෙමු.
පක්ෂ පාට භේද නැතිව
එක්වී පෙළ ගැසෙමූ
රට රැක ගන්නට දම්වැලෙ
පුරුකක් සේ බැදෙමූ
ඇති හැකි අය උදව් දිදී
නැති බැරි අය රකිමූ
රට වනසන ජඩ හොරුන්ට
පන්න පන්න තලමූ
නූගත්කම පෙන්නා කට
මැද දොඬනා හරකුන්
තම දිවියට පමණක් නොව
රට දැයටද හතුරන්
නොහැකී නම් දිවි ගෙවන්න
කොන්ද කෙලින් තබමින්
ගඟේ මුහුදෙ පැන වැළලෙනු
සැමට සෙතක් කරමින්