
අපචාරය හා දඬුවම
ගිහි පැවිදි වෙද ධනය අත රැඳි
නොමිනිසුනට බිලි වුනි දැරිවියක්
සපුරමින් උන් සළෙලු මනදොළ
අලෙවි කෙරුවා ඇයව ඇගෙ මව
ඉදෙන්නට පෙර රස පිරුනු පල
වවුල් රෑනක් හප කරන ලෙස
පොහොට්ටුව මැලවුණා අකලට
මලක් වන්නට ඉඩක් නොලබා
නීතියෙන් ගැලවීම උදෙසා
බෙලහීන සළෙලුන්ය පැවසේ
රැගෙන කග දෙවඟන සුරත රැඳි
සිඳිය යුතුමය ඒ පිරිමි කම
11/07/2021